02/2025 චක්‍ර ලේඛය එලිදැක්වීම

සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් වයඹ පළාතේ සමුපකාර සේවකයින්ගේ වැටුප් හා බඳවා ගැනීමේ සුදුසුකම් සංශෝධනය කරමින් නිකුත් කරන ලද ‍නව චක්‍රලේඛය සමුපකාර අමාත්‍යාංශයේ ලේකම්තුමිය විසින් ගරු ආණ්ඩුකාරතුමා සහ ප්‍රධාන ලේකම්තුමාවෙත පිළිගන්වන ලදී. 

මෙම චක්‍රලේඛය මගින් සමුපකාර සමිතිවල සේවය කරන සියලුම සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් සිදුකර ඇති අතර එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් ඔවුන් දිරිගන්වා සමුපකාර ව්‍යාපාරය මගින් රටේ සංවර්ධනයට දෙන දායකත්වය අගය කිරීම අපේක්ෂා කෙරේ. 

මෙම අවස්ථාවට වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි. එම්. අයි. ඉලංගකෝන් මැතිතුමා, සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් සුදර්ශනී මල්ලිකාරච්චි මැතිණිය, ආණ්ඩුකාරවර ලේකම් වනසිංහ මැතිතුමා, ගරු ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරුන් හා සමුපකාර සේවක කොමිෂන් සභාවේ ලේකම් ඇතුළු පිරිසක් සහභාගි විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top