අපගේ බලතල

සමුපකාර සමිතිවල සියළු සේවකයින් බඳවා ගැනීම හා උසස් කිරීමට අදාළ සේවා කොන්දේසි හා මූලධර්ම ඇතුළත් කාර්යය පටිපාටි නියම කිරීම.
අවශ්‍ය විටක සමුපකාර සමිති සේවකයින් බඳවා ගැනීමට අදාළ විභාග පැවැත්වීම, හා එබඳු විභාග පැවැත්වීමේ මණ්ඩල නම් කිරීම හා එබඳු විභාග සඳහා වන ගාස්තු නියම කිරීම.
සමුපකාර සමිතියක ඕනෑම තනතුරකට පත් කිරීම සඳහා තිබිය යුතු සුදුසුකම් නියම කිරීම, ඕනෑම පන්තියක හෝ ශ්‍රේණියක තනතුරකට හෝ තනතුරු වලට අදාළ වැටුප් ක්‍රම නියම කිරීම, කලින් කලට එසේ නියම කළ වැටුප් ක්‍රම සංශෝධනය කිරීම, එමෙන්ම කොමසාරිස්වරයා විමසා එබඳු කරුණු පිළිබඳව තීරණය කිරීම.
කොමිෂන් සභාව විසින් නියම කරනු ලබන වැටුප් ක්‍රම අනුව වැටුප් ගෙවන ලෙසට සමුපකාර සමිති වලට නියම කිරීම.
සමුපකාර සමිති විසින් සිය සේවකයින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමේ දී අනුගමනය කළ යුතු කාර්යය පරිපාටි නිශ්චය කිරීම, ඒවා පැවැත්වීම සඳහා බලතල නියම කිරීම හා නියම කරනු ලබන කාල සීමාවන් ඇතුළතදී විනය පරීක්ෂණයක් පවත්වා අවසන් කරන ලෙස සමිති වලට දැනුම් දීම.
ඕනෑම සමුපකාර සමිතියක් විසින් ගනු ලබන විනයානුකූල නියමයන් හේතු කොට ගෙන පැන නගින අභියාචනා විභාග කිරීම.
සිය සේවකයින් පිළිබඳව සමුපකාර සමිති විසින් තබා ගත යුතු වාර්තා කවරේදැයි නියම කිරීම.
ඕනෑම සේවකයෙකු පිළිබඳව කොමිෂන් සභාවට අවශ්‍ය විය හැකි ලිපිගොනු , වෙනත් ලේඛණ හා විස්තර වාර්තා නියමිත දිනකට කලින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස සහ සපයන ලෙස ඕනෑම සමිතියකට නියම කිරීම.
කොමිෂන් සභාව විසින් යොමු කරනු ලබන අභියාචනා සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ පවත්වා නිර්දේශ සහිතව කොමිෂන් සභාව වෙත වාර්තා කිරීමට අභියාචනා පරීක්ෂක නිලධාරී හෝ නිලධාරි මණ්ඩල නම් කිරීම.
තමාගේ ක්‍රියා කලාපය විනය පරීක්ෂණයක විෂය කාරණාවක්ව පවතින යම් සමිතියක ඕනෑම සේවකයෙකු විසින් එම සමිතිය දුන් විනය නියෝගයකට විරුද්ධව කොමිෂන් සභාවට අභියාචනා කොට ඇති අවස්ථාවක එවැනි අභියාචනයක් සලකා බලා සමිතිය විසින් කරනු ලබන තීරණය වෙනස් කිරීමට, ලිහිල් කිරීමට, අවලංගු කිරීමට හෝ ඒ වෙනුවට වෙනත් තීරණයක් ගැනීමට හෝ නැවත පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කිරීමට හෝ එවැනි සේවකයෙකු නැවත සේවයට ගැනීම ඇතුළුව කොමිෂන් සභාව විසින් දෙනු ලබන නියෝග හා ඒවායේ සඳහන් වන ආකාරයට හා දිනකදී නැතහොත් නියම කරනු ලබන දිනකට පූර්වයෙන් ක්‍රියාත්මක කරන ලෙසට සමුපකාර සමිතියකට නියෝග කිරීම.
විනය කාර්යයක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ සේවකයෙකුගේ සේවය අවසන් කිරීමකදී අවශ්‍ය වන්නේ නම් පාරිතෝෂික හෝ වෙනත් ප්‍රතිලාභ සේවකයින්ට ලබා දිම පිළිබඳව ප්‍රතිපත්ති තීරණය කිරීම.
අමාත්‍යවරයා විසින් සාදන ලද රෙගුලාසි මඟින් නියම කරනු ලබන යම් මුදලක් තැන්පත් කරන ලෙස අභියාචනාකරුට නියම කිරීමට සහ අභියාචනා පරීක්ෂණය අවසානයේදී එකී තැන්පත් මුදල රඳවා ගැනීමට හෝ ආපසු ගෙවීමට තීරණය කිරීම.

අපගේ සංවිධාන ව්‍යුහය

oraganization structure

සමුපකාර සේවක කොමිෂන් සභාව
(වයඹ පළාත)

නව පළාත් සභා සංකීර්ණය, දෙවන මහල, කුරුණෑගල.

Scroll to Top