සමුපකාර සේවක කොමිෂන් සභාව - වයඹ පළාත

௯ட்டுறவு ஊழியர் ஆணைக்குழு - வடமேல் மாகானம்

Co-operative Employees Commission - North Western Province

About Our Institute

Discover our legacy, vision, and the core mission that drives our services to the public.

Our Vision

සමුපකාර සේවයට විශිෂ්ට හා ආඩම්බර සේවක පිරිසක් සැපයීම සහ සමුපකාර සේවය තුළ ආර්ථික සංවර්ධනය සඳහා ඔවුන් ඵලදායී ලෙස යොදා ගැනීම, සමුපකාර අංශය වයඹ පළාතට ආදර්ශයක් බවට පත් කිරීම.

Our Mission

වයඹ පළාතේ ක්‍රියාත්මක වන සමුපකාර සමිති සඳහා දැනුම, කුසලතා සහ යහපත් ආකල්ප සහිත සේවක පිරිසක් නිර්මාණය කිරීම, ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබා ගැනීම සඳහා සේවක අභිප්‍රේරණය වැඩි කිරීම, රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම සහ ගුණාත්මක සමුපකාර ව්‍යවසායක් නිර්මාණය කිරීම සඳහා මානව සම්පත් මෙහෙයවීම සහ නියාමනය කිරීම අපගේ මෙහෙවරයි.

Who We Are


වයඹ පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව පිළිබඳ කෙටි විස්තරයක්

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයේ 9 වන උපලේඛනයේ පළාත් සභා ලැයිස්තුවේ 17:3 සහ 17:4 වගන්ති මගින් පවරා ඇති බලතල අනුව, 1972 අංක 12 දරන සමුපකාර සේවක කොමිෂන් සභා පනතට අනුව පනවන ලද වයඹ පළාත් සභාවේ 1995 අංක 05 දරන වයඹ පළාත් සමුපකාර සේවක කොමිෂන් සභා ප්‍රඥප්තිය මගින් සමුපකාර සේවක කොමිෂන් සභාව ස්ථාපිත කරන ලදී.