වයඹ පළාත් සමුපකාර සමිතිවල සේවකයින්ට අදාළව විනය පරීක්ෂණ සහ අභියාචනා පරීක්ෂණ සංචිතයේ නිලධාරීන් සඳහා වන දැනුවත් කිරිමේ වැඩසටහනක් 2026.11.05 දින වයඹ සමුපකාර ග්‍රාමීය බැංකු සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්විය.
කුරුණෑගල සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් බී.එම්.ඒ. මොහාන්ද සිල්වා මහතාගේ සහ කුරුණෑගල මහ නගර සභාවේ ලේකම් බී.එම්.එන්.කේ. බාලසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වූ අතර ඒ සඳහා විනය / අභියාචනා පරීක්ෂණ නිලධාරීන් 30දෙනෙකු පමණ සහභාගී විය.